එක අාත්මභවයක, එක්තරා දවසක, එක් සුබ මෙහොතක එකටම ඉපදුනේ අනිත් අයගේ සිනහව මුව අග රැදීතිබුනු මොහොතක. එ් අප්‍රේල් 01දට දවස් 12කට පස්සේ... අම්මා කිව්වේ ඉපදෙද්දිම අනිත් ළමයි අඩදදි අපි දෙන්නා හිනා වුනා කියලා. ඒ මොහොතේ ඉදන්ම හිනාවට බරවුන අපි දෙන්නා... තවමත් හිනා වෙලා.
ඉපදුනු දවසේ ඉදන්ම එකටම ඉන්න අපි දෙන්නා රන්ඩුවුන අවස්ථා නැති තරම්. මොනවා වුනත් එකටම ඉන්න අපි දෙන්නගේ අදහස් නම් එකවිදිහ නෑ... හිතනවිදිය වෙනස් වුනාම ගැටුම් වැඩියි කියලා මතයක් තිබුනත් ඒක ඔප්පු කරන්න තරම්නම් අපෙ ලග සාදක නෑ...
එකටම සෙල්ලම් කරලා., එකටම පාඩම් කරලා., එකටම ආපු O/L exam එකත් කරලා. අපි දෙන්නගේ වෙනස් අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න ආපු එකම අදහසක් මේ...
වර්ථමානඑ අතීතය බවට පත්වෙලා. අනාගතය වර්ථමානය විදිහට අපි ඉදිරියට ඇවිත්. ජිවිතය කියන පොතේ අනාගතයේ පිටුව කියවන්න, වර්ථමානයේ පිටුව කියවලා ඉවර කරන්නම වෙනවා. ඒ අතීතයේ පිටු අතරට එකතු වෙන්න යන වර්ථමානයේ පිටුව රසවත් කරන එක කොටසක් මේ....
(අක්කා)
No comments:
Post a Comment